අාඩුයිනෝ සමග පසේ තෙතමනය මනිමු.


කොහොමද යාලුවනේ, මේ ලිපියෙන් අද මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද ආඩුඉනෝ හරහා පසේ තෙතමනය මනින්නේ කියන දේ ගැනයි. මම මෙකෙදි තෙතමනය මනින්න විශේෂ උපාංගයක් යොදාගෙන තියෙනවා.


ඒ තමයි Arduino Soil Moisture Sensor Module එක. මේකෙන් පුළුවන් පස් වල තෙතමනය අනුව වෙනස් වෙන Analog Output එකක් Arduino එකට ලබාගන්න. Arduino එක මගින් මේ Analog Value එක read කරලා එක ප්‍රතිශතයක් විදියට Serial Monitor එකට ලබාගන්න එක තමයි මෙතැනදි කරන්නේ.
ඉතින් මේ මොඩියුල් එක කොටස් දෙකකින් සමන්විත වෙනවා.දකුණු පසින් පෙන්වලා තියන කොටස තමයි පස තුල තබන කොටස. මේ කොටසෙන් පසේ තියෙන වතුර ප්‍රමාණය නිසා අතිවෙන විදුලි සන්නායක බව මනින එක තමයි කරන්නේ. අනිත් කොටසෙන් තමයි ඒ අගය ඇනලොග් අගයක් බවට පත් කර A0 කියන pin එක හරහා ලබා දෙන්නේ. ඒ වගේම D0 කියන pin එක හරහා මේ ඇනලොග් අගය Digital Signel එකක් බවට පත් කරලත් පිටතට ලබා දීල තියෙනවා මේ මොඩියුල් එකෙන්. GND සහ VCC කියන pin වලින් තමයි මේකට බල සැපයුම ලබා දෙන්නේ.

හරි එහෙනම්. මේ තියෙන්නේ වැඩේට අවශ්‍ය බඩු ටික.
මේකට Arduino MEGA එකක් නැතුව Arduino UNO Board එකක් උනත් ගන්න පුළුවන්.

දැන් මේ විදියට වයර් සම්බන්ද කරගන්න. මම සෙන්සර් එක සම්බන්ද කරලා තියෙන්නේ ආඩුයිනෝ එකේ A0 කියන Analog pin එකට.
මෙතනදි අපි Sensor Module එකේ D0 කියන pin එක පාවිච්චි කරන්නේ නැහැ.



මේ තියෙන්නේ මම මේකට ලියපු Arduino code එක. ඔයාලට ඒක මෙතනින් download කරගන්න පුළුවන්.


කෝඩ් එකේ,
 int moisture_level = map(analogRead(moisture_pin), 0, 1023, 100, 0);
කියන පේලියෙන් තමයි අපේ සෙන්සර් එක read කරලා ඒ අගය 0% සිට 100% ප්‍රතිශතයක් විදියට හරවන්නේ. එකට මෙතැනදී  map() කියන function එක යොදාගෙන තියෙනවා. මේ සෙන්සර් එකෙන් එන අගය අපේ ආඩුයිනෝ එක කියවන්නේ 0 ත් 1023 ත් අතර අගයක් විදියට. ඒ කියන්නේ උපරිම තෙතමනය 0 ටත් අවම තෙතමනය 1023 ටත් සමාන වෙනවා. මේ විදියට තමයි map()  function එකට parameters ආද්ශ කරන්නේ.

map(සෙන්සරයේ කියවීම, සෙන්සරයේ අවම අගය, සෙන්සරයේ උපරිම අගය, උපරිම ප්‍රතිශතය, අවම ප්‍රතිශතය);

හරි, කෝඩ් එක ආඩුයිනෝ එකට upload කරාට පස්සේ serial monitor එක open කරාම ඔයාට මේ විදියට බලාගන්න පුළුවන් වෙයි.


මේ පහලින් තියෙන්නේ මම හදාගත්තු Arduino Soil Moisture Level Meter එක.

ඉතින් ඔයාලට මේ ගැන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් පහලෙන් comment එකක් දාන්න. එහෙනම් තවත් අලුත් ලිපියක් සමග ආයෙත් හමු වෙමු. සුබ දවසක් ඔයාල හැමෝටම...

Comments